දේශීය

මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ගේ ගැටළු සාකච්ඡාවට

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන්ගේ ගැටළු පිලිබඳ  සාකච්ඡා කර සෞඛ්‍ය ගැටළු ඇති නොවන ආකාරයේ විසඳුම් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මංගල ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවූවන් සමඟ විජේරාම මාවතේ නිල නිවසේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

රූපලාවන්‍ය ශිල්පීන්, කොණ්ඩා සැකසුම් ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, කැමරාකරණ ශිල්පීන්, උත්සවශාලා හිමියන්, ආහාර සපයන්නන් ආදී රැකියාවල නියුතු ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් පවතින තත්ත්වය හමුවේ අපහසුතාවට පත්ව සිටින බවයි ඔවුන් එහිදී පෙන්වා දුන්නේ.

Related posts

කාලිංග ඉන්ද්‍රතිස්ස යළි නීතිඥ සංගමයේ සභාපති ධුරයට [UPDATE]

Mohamed Dilsad

සමගි ජනබලවේගය තීරණයක් ගනී.

Editor O

අපි විපක්ෂයේ සිටියදී බොරු කිව්වේ නෑ – වසන්ත සමරසිංහ

Editor O

Leave a Comment