ක්‍රීඩා

සිය තරඟ තහනමට එරෙහිව උමාර් අක්මාල්ගෙන් අභියාචනයක්

(UTV | පාකිස්තානය) – පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් සිය තරඟ තහනමට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබේ.

එමගින් ඉල්ලා ඇත්තේ තමාට එරෙහිව එරට ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පැනවූ වසර 3 ක දඩුවම අඩු කරන ලෙසයි.

එය විභාගයට ගැනීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අභියාචන මණ්ඩලයක් පත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පාකිස්තාන සුපර්ලීග් තරගාවලිය ආසන්නයේ ඔට්ටු තබන්නන්ගේ ප්‍රවේශයන් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේය.

එනමුත් ක්‍රීඩක උමාර් අක්මාල් පවසන්නේ එම වරදට සම්බන්ධවු වෙනත් ක්‍රීඩකයින්ට ලබා දුන් දඩුවම් කාල සීමාව ඉතා අඩු බවයි.

Related posts

ළහිරු කුමාර ට ආබාධයක් – දුෂ්මන්ත ට අවස්ථාව ලැබෙන ලකුණු

Mohamed Dilsad

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment