දේශීය

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 12දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා පුද්ගලයින් ගණන 221 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් හත් දෙනෙකු නාවික මහ රෝහලෙහිද,  සිව් දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

Related posts

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කරන චෝදනා ඇත්තද…?

Editor O

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තුන්වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

2023 අයවැය කතාව ඇරඹෙයි [LIVE]

Mohamed Dilsad

Leave a Comment