දේශීය

මහින්ද සමරසිංහගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

(UTV | කොළඹ ) – හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

තවද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති අතර පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද (20) දිනයේ ඔහු වෙත යොමු කිරීමට පියවර ගත් බව පක්ෂ මහලේකම්වරයා පැවසුවේය.

Related posts

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි

Mohamed Dilsad

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

Leave a Comment