දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 60,000කට ආසන්නයි

(UTV | කොළඹ ) – පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 59,765 ක් වන අතර වාහන 16,668 ක් ද වෙයි.

මාර්තු මස 18 වන දින සිට අද පෙරවරු 6 දක්වා වු කාලය තුළ නඩු ‍පැවරීම් 16,488 ක් සිදු කර ඇති අතර නඩු පැවරීම්වලට ආදාළ දඬුවම් නියම කිරිම් 6000 ක් කර ඇතැයි ද පොලීසිය පවසයි.

ඊයේ (18) පෙරවරු 6 සිට අද (19) පෙරවරු 6 දක්වා වු ගත වු පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 730 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වාහන 252 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

Mohamed Dilsad

බොරතෙල් මිල යළිත් ඉහළට

Mohamed Dilsad

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment