දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 60,000කට ආසන්නයි

(UTV | කොළඹ ) – පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 59,765 ක් වන අතර වාහන 16,668 ක් ද වෙයි.

මාර්තු මස 18 වන දින සිට අද පෙරවරු 6 දක්වා වු කාලය තුළ නඩු ‍පැවරීම් 16,488 ක් සිදු කර ඇති අතර නඩු පැවරීම්වලට ආදාළ දඬුවම් නියම කිරිම් 6000 ක් කර ඇතැයි ද පොලීසිය පවසයි.

ඊයේ (18) පෙරවරු 6 සිට අද (19) පෙරවරු 6 දක්වා වු ගත වු පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 730 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වාහන 252 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

දුෂ්කර දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන්නැයි, ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට…!

Editor O

පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment