දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 60,000කට ආසන්නයි

(UTV | කොළඹ ) – පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 59,765 ක් වන අතර වාහන 16,668 ක් ද වෙයි.

මාර්තු මස 18 වන දින සිට අද පෙරවරු 6 දක්වා වු කාලය තුළ නඩු ‍පැවරීම් 16,488 ක් සිදු කර ඇති අතර නඩු පැවරීම්වලට ආදාළ දඬුවම් නියම කිරිම් 6000 ක් කර ඇතැයි ද පොලීසිය පවසයි.

ඊයේ (18) පෙරවරු 6 සිට අද (19) පෙරවරු 6 දක්වා වු ගත වු පැය 24 තුළ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 730 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වාහන 252 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

Mohamed Dilsad

මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් සොයාගනී

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment