දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]

(UTV | කොළඹ) – IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අද අලුයම මෙම රෝගියා රෝහලෙන් පලා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන බව සඳහන්.

මොහු ගැන යම් තොරතුරක් වේ නම්, දුරකථන අංක 119, 0718 591 017, 0718 592 290 හෝ 0718 591 864 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ඉන්දියාවට ගොස් සිටි නාවික හමුදා සාමාජිකයන් 10 දෙනෙකු දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි.

Mohamed Dilsad

අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment