දේශීය

දැව සංස්ථා හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

(UTV | කොළඹ ) – අද (19) ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වී වසර 12 ක සිර දඩුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක තමන් ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීම කොළඹ ප්‍රතික්ෂේප කළේය.

දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා මෙම ඇප ඉල්ලීම සිදු කර තිබුණේ අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට යටත්ව තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලමිනුයි.

කෙසේවෙතත් විත්තිකරු ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවට මහාධිකරණය දන්වා තිබෙනවා.

මහාධිකරණය විසින් කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි දෙකක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක පසුගිය දෙසැම්බර් මස 19 දා වරදකරුවන් බවට තීන්දු කළේය.

Related posts

“අද තීරණාත්මකයි”

Mohamed Dilsad

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment