දේශීය

දිස්ත්‍රික් 10 කට නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ)  – දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම යළිත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය හෙට පස්වරු 2 දක්වා බලාත්මක වන බවයි.

මේ අතර ඉදිරි පැය කිහිපයේදීත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

Related posts

රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

Mohamed Dilsad

ආණ්ඩුවට බහුතරය නැති පළාත් පාලන ආයතනවල, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය බලය පිහිටුවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

Editor O

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

Leave a Comment