Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍යංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්ට දුන් සේවා දිගුව ඇමතිවරයා අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර ගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විදේශ ගතව සිටින කාලයේදී ඔහුට නොදන්වා, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් ට සේවා දිගුවක් ලබාදී ඇත. .

ලේකම්වරයා විසින් එම සේවා දිගුව ලබාදෙමින් ලිපියේ සඳහන් කර ඇත්තේ බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පත්වීම සිදුකරන බවයි.

එහෙත් දිවයිනට පැමිණි පසු ඒ බව දැන ගත් බලශක්ති අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම අවලංගුකර තිබේ.

අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

Related posts

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

பிரித்தானியாவில் தொங்கு நாடாளுமன்றம்!: கையை சுட்டுக்கொண்ட ‘தெரசா மே’

Mohamed Dilsad

Ambassador Rohan Perera represents panel discussion on ‘Pathways to Sustainability’

Mohamed Dilsad

Leave a Comment