දේශීය

මහ මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම හෙට (19) දිනය දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී.

අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින්  නීතීඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Related posts

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 2.14 ක් දිවයිනට

Mohamed Dilsad

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Editor O

Leave a Comment