දේශීයව්‍යාපාරික

IOC ඉන්ධන ඇණවුම් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීම තාවකාලිකව අත්හිටුවන බව ලංකා අයි.ඕ.සී. බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ හදිසියේම පෙට්‍රල් මිල ඉහළ දැමීම මෙම තීරණයට හේතුවූ බවයි එහි සභාපති සුසන්ත කෝසල සඳහන් කළේ.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් පහකින් ඉහළ දැමීමට අයි.ඕ.සී. සමාගම තීරණය කර තිබේ.

ලංකා අයි.ඕ.සී. බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ ත්‍රී වර්ගයේ ඉන්ධන මිලද රුපියල් 143 සිට 148 දක්වා ඉහළ දමන ලෙස ඉන්දියන් ඔයිල් සමාගම තමන්ට දැනුම්දී ඇති බවයි.

පෙට්‍රල් සඳහා මෙතෙක් පනවා තිබූ බදු ඉහළ දැමීම, ඉන්ධන මිල සංශෝධනයට හේතුවූ බව ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා පවසයි.

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා දෑ ඇතුළත් කිරීමේ සිද්ධියේ වරදකරු ගැන ඉඟියක්…?

Editor O

නීතිපති ට එරෙහිව, උද්ඝෝෂණ කරන්නේ මාලිමා හෙන්චයියන් – උදය ගම්මන්පිල

Editor O

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment