දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

(UTV | කොළඹ ) – අද(28) පස්වරු 4ට පෙර සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කරන ආකාරයට ඊට අදාළ පෙර කාර්යාලය , රාජ්‍ය ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත ආවරණ ලිපියක් සහිතව ඒවා අතින් ගෙනැවිත් බාර දිමට සහතික කිරිමේ නිලධාරින් ක්‍රියා කළ යුතු බවයි.

තැපැල් ඡන්ද භාර ගැනිමේ අවසන් දිනය ලෙස පසුගිය 17 වනදා නියම කර තිබුණද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අයදුම්පත් භාරගැනීම ඳහා තවත් කාලයක් ලබා දිමට මැතිවරණ කොමිසම පියවරගත් අතර එය තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනිමේ නව දිනයක් ලෙස නොසලකන බව කොමිසම පවසයි.

Related posts

සර්ව පාක්ෂික සාකච්ඡාවට පක්ෂ 10 ත් එයි

Mohamed Dilsad

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වසරකට ළමා අපරාධ 5,000ක් – පොලීසිය

Mohamed Dilsad

Leave a Comment