දේශීය

රටවල් 143 ක සිටින ලාංකිකයන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 38,983 ක් රටවල් 143 කින් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදෙස් සබඳතා අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිස අතරින් 27,854 දෙනෙකු ශ්‍රමිකයන් වන අතර තවත් 3078 දෙනෙකු සිසුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, තවත් 4400 ක් කෙටි කාලීන වීසා මත විදේශ ගත වූවන් වන අතර, තවත් 3527 ක් විදේශ ගත වූවන්ගේ යැපෙන්නන් බව සඳහන්.

එම අමාත්‍යාංශය කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කරුණු මත විදේශ ගත වූවන් 484 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

පසුගිය අප්‍රේල් මස 21 වන දා සිට මේ දක්වා කාලය තුළ 3600ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් වැඩි පිරිසක් සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් වන බව දෙස් සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ගනී

Editor O

කිලෝ 9ක රත්‍රන් රටින් පැන්නූ 5 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෝමාගම වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment