දේශීය

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම හෙට සිට

(UTV | කොළඹ) – විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන හෙට (18) සිට පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

ආයතන පරීක්ෂාවට පැමිණෙන පුද්ගලයින්ට සහය ලබා දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මිට අමතරව,  විවෘත කර ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

යෞවන සමාජ, දේශපාලනයට යොදා නොගත යුතුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්…?

Editor O

Leave a Comment