දේශීය

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

(UTV | කොළඹ ) – සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද (17) දිනයේ දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවි සැල් සියල්ල වසා තැබිය යුතු බව පවසයි.

ඊයේ (16) දිනයේ විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වලට පමණක් හෙට (18) දිනයේදී විවෘත කිරීමට අවසර ලැබෙනු ඇත.

ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල රටබීම අලෙවිසැල් විවෘත කිරීමට අවසර හිමිව තිබේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් ඇතුළත පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයන් තුළ පිහිටි මත්පැන් සිල්ලරට විකිණිමේ බලපත්‍ර ලත් ස්ථාන වලට ද විවෘත කිරීමේ අවකාශය ලැබෙනු ඇත.

මෙම තොග සහ සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ලත් ස්ථාන සියල්ල ක්‍රියාත්මක විය යුත්තේ සුරාබදු කොන්දේසි වලට අමතරව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් හා විධිවිධාන වලට යටත්ව බවයි සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ලැප්ටොප් පරිගණකයක සිදු වූ විදුලි කාන්දුවකින් සිසුවෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අද සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

Leave a Comment