දේශීය

ඉදිරි පැය 24 දී චණ්ඩ සුළි කුණාටුවක්

(UTV | කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (16) උදෑසන 5.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා සැලකිමත්වන ලෙසටයි.

එය අද දින තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් , ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක්  දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

එම චණ්ඩ සුළි කුණාටුව හෙට (17) දක්වා උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව අනිද්දා (18) සිට 20 වනදා දක්වා උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතුවලින් වළකින ලෙසයි.

Related posts

තවත් ආසාදිතයින් 354ක්

Mohamed Dilsad

ආදීවාසි නායකයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment