දේශීයප්‍රමුඛ පුවත 1

ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි

මෙහිදී ඇතිවිය හැකි වර්ෂාවේ තීව‍්‍රතාවය සහ ප්‍රමාණය මත ගංවතුර තත්වයේ ප්‍රබලතාව හා අවදානම රඳා පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය සහ ඌරු බොකු ඔය යන ගංගා ද්‍රෝණිවල පහත් බිම් අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුයි.

මේ අතර ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳ අවදානය යොමු කරන ලෙසට මෙම දිස්ත්‍රික් දෙකෙහි ජනතාවට විශේෂයෙන් දැනුම් දෙයි.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට දඩ මුදල් ගෙවීමට මුදල් එකතු කළ යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

Mohamed Dilsad

දිස්ත්‍රික් 03 ක ග්‍රාම නිළධාරී වසම් 42 ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment