විදෙස්

අප්‍රිකාවේ කෝටි 23 කට කොරෝනා ආසාදනය වනු ඇතැයි අනතුරු ඇඟවීම්

(UTV| කොවිඩ් 19) – අප්‍රිකාවේ ජනගහනයෙන් කෝටි 23 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

විධිමත් නිවාරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව අධ්‍යයනයක ප්‍රථිපල පදනම් කරගෙන ඔවුන් එම ප්‍රකාශය කර තිබේ.

කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිරුණහොත් අප්‍රිකානු වැසියන් එක් ලක්ෂ 50 දහසකට වැඩි පිරිසකට ජිවිත අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයේදී හෙළි වී ඇත.

බොහෝ රටවල පවතින දුර්වල සෞඛ්‍ය පද්ධතිය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙයි.

 

Related posts

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

Mohamed Dilsad

කොරෝනා වලට පළමු මිනිස් අත්හදා බැලීම සිදු කරන්න සුදානම්

Mohamed Dilsad

සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment