දේශීය

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

(UTV | කොළඹ) – පොහොර සගවා තබාගෙන සිටින සහ වැඩිමිලට අලෙවිකරන පුද්ගලයන්ගේ නියෝජිත බලපත්‍රය තහනම් කර පොදු දේපල පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසයි

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොහොර අලෙවි කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නේනම් වහාම ඒ පිළිබඳ අදාල අංශ දැනුවත් කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොර මිල පාලන ගැසට්පත්‍රය ඉදිරි සති දෙක තුල නිකුත් කිරීමට නියමිත බවයි.

Related posts

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment