විදෙස්

කොරෝනා වෙනුවෙන් ඉන්දියාව පකිස්ථානය හා අමෙරිකාව අතර ගිවිසුමක්

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් -19 වෛරසයට ප්‍රතිකාරයක් නිෂ්පාදනය වෙනුවෙන් රෙම්ඩෙසිවිර් නම් ඖෂධය ලබාගැනීම සඳහා ඉන්දියාවේ සහ පකිස්ථානයේ ඖෂධ සමාගම් සමග අමෙරිකානු සමාගමක් ගිවිසුම් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටවල් 127 කට බෙදා හැරීම සඳහා ඖෂධ නිපදවීමයි එහි අරමුණ වී ඇත්තේ.

රෙම්ඩෙසිවිර් නම් මෙම ඖෂධය රෝග ලක්ෂණ කාලය දින 15 සිට 11 දක්වා අඩු කිරීමට සමත් බව ලොව පුරා සිදුකල අධ්‍යයනවලින් අනාවරණය වී තිබේ.

ප්‍රතිජීවක ඖෂධයක් වන මෙය පළමුවෙන් නිපදවනු ලැබුවේ ඉබෝලා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙනුයි.

 

Related posts

නියෝග නොතකනවානම් වෙඩි තබන ලෙසට නියෝග

Mohamed Dilsad

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළිත් ගණනය කරයි

Mohamed Dilsad

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment