විදෙස්

කොරෝනා වෙනුවෙන් ඉන්දියාව පකිස්ථානය හා අමෙරිකාව අතර ගිවිසුමක්

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් -19 වෛරසයට ප්‍රතිකාරයක් නිෂ්පාදනය වෙනුවෙන් රෙම්ඩෙසිවිර් නම් ඖෂධය ලබාගැනීම සඳහා ඉන්දියාවේ සහ පකිස්ථානයේ ඖෂධ සමාගම් සමග අමෙරිකානු සමාගමක් ගිවිසුම් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටවල් 127 කට බෙදා හැරීම සඳහා ඖෂධ නිපදවීමයි එහි අරමුණ වී ඇත්තේ.

රෙම්ඩෙසිවිර් නම් මෙම ඖෂධය රෝග ලක්ෂණ කාලය දින 15 සිට 11 දක්වා අඩු කිරීමට සමත් බව ලොව පුරා සිදුකල අධ්‍යයනවලින් අනාවරණය වී තිබේ.

ප්‍රතිජීවක ඖෂධයක් වන මෙය පළමුවෙන් නිපදවනු ලැබුවේ ඉබෝලා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙනුයි.

 

Related posts

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment