විදෙස්

මාධ්‍යවේදිනිය ඝාතනය කළ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

2008 වසරේදී රූපවාහිනී මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ සිව්දෙනෙකුට අද (25) ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

 

ඊට අමතරව පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් ද නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන අපරාධකරුවන් පිරිසකටය.

 

පස්වන වැරදිකරු වන අජේ සෙති යන පුද්ගලයාට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත්තේ එම පිරිසට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය.

 

2008 සැප්තැම්බර් 30 වනදා මෙම ඝාතනය සිදුවී ඇත.

 

25 හැවිරිදි මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන් එදින උණුසුම් පුවතක් විකාශය කිරීමට සූදානමින් රාත්‍රියේ සිය මාධ්‍ය ආයතනය තුළ රැඳි සිට අලුයම 3ට පමණ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත්ව ගොස් තිබුණි.

 

එම අවස්ථාවේ ඇය තනිව මෝටර් රථයෙන් ගමන් ගන්නා බව දුටු අපරාධකරුවන් පිරිසක් ඇයව ලුහුබැඳ ගොස් මෝටර් රථය නතර කරගැනීමට උත්සාහ කර ඇත.

 

නමුත් ඇය මෝටර් රථය නොනවත්වා ධාවන කිරීම හේතුවෙන් එයට උරණ වූ මෙම අපරාධකරුවන් පිරිස ඇයට වෙඩිතබා ඇති අතර එම වෙඩි තැබීමෙන් ඇයගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී ඇය මරණයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

මෙම අපරාධකරුවන් පිරිස එම අවස්ථාවේ වෙනත් මංකොල්ලයක් සඳහා සුදානමින් සිට ඇති බවත් සෞම්‍යා විශ්වනාදන්ව ඔවුන් දැක ඇත්තේ අහඹු සිදුවීමකින් බවත් එරට පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත.

 

Related posts

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

විනාඩි කීපයකින් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

Mohamed Dilsad

“මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි” මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව – Video & Photos

Mohamed Dilsad

Leave a Comment