දේශීය

ඉඩම් බලපත්‍ර සින්නක්කර ඔප්පු බවට පත්කිරීමට සැරසෙයි

ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

 

“විශේෂයෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ යම්කිසි සැලැස්මක් අනුව දියුණු කළ යුතුයි. හිගුරක්ගොඩ ගුවන් තොටුපොළ දියුණුවීමත් සමග මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා සැලැස්මක් අනුව මෙම නගර තුන සංවර්ධනය විය යුතුයි.”

 

“එසේම ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු 10,000ක් ලබාදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී සිදු කරනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ලබාදුන් ඉඩම්වල සින්නකර අයිතිය ලබාදීම කොළඹදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.”

Related posts

විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්

Editor O

ඩොලරය රුපියල් 260 ට නගී

Mohamed Dilsad

උදයංග වීරතුංග යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment