දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම‍ වසංගතයට ගොඳුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ , සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානී ජයවර්ධන ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

කොවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද ඔවුහු සිය පෙත්සමෙන් දන්වා සිටියි.

මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයන්ට පටහැනි බව ද අදාළ පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

මහනුවර කොටුව නව දුම්රියක්

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

Leave a Comment