දේශීය

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැත

(UTV| කොළඹ) – කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඞ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී සඳහන්කර තිබේ.

ඒ , එම කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිරයාම පාලනයට පනවා ඇති නීති රීතිවලට ජනතාව අනුගත වන්නේ ද නැත්ද යන්න පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බව ද අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Related posts

බදුල්ලේ පුංචි ආණ්ඩු මන්ත්‍රීවරු රැසක් සජිත් ට සහය පළ කරයි.

Editor O

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිය ගැන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment