දේශීය

මහ බැංකුවෙන් විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක්

(UTV | කොළඹ ) – මහා බැංකුව කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරිම සඳහා විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දීමට තිරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති අතර මේ යටතේ බලපත්‍රලාභි බැංකුවල ඇතැම් අභිමතානුසාරි ගෙවිම් සිමා කිරීමට තිරණය කර තිබේ.

මහා බැංකුව සඳහන් කරණ ආකාරයට ඒ අනුව දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ බලපත්‍රලාභි බැංකුවල මුදල් ලාභාංශ ප්‍රකාශයට පත් කිරිම , ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් නැවත මිල දී ගැනිම ,කළමණාකරණ දීමනා හෝ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ගෙවිම ඉහළ දැමීම නැවැත්විමට නියෝග කර ඇත.

ඊට අමතරව බලපත්‍රලාභි බැංකු විසින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රාග්ධන වියදම් සිදුකිරිමේ දි හැකිතාක් දුරට විචක්ෂණ ශිලිවිම හෝ වැළකි සිටිම අවශ්‍ය බව මහා බැංකුව පවසයි.

දැනට පවතින වෙළද පොල තත්ත්වය සැළකිල්ලට ගනිමින් බැංකු සඳහා වාර්ෂිකව සිදු කෙරෙන ඇගයුම 2020 වසර සඳහා නොපැවැත්වීමට ද මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර මෙම විශේෂ ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික කටයුතු යළි ප්‍රාණවත් කිරිම සඳහා බැංකු විසින් විචක්ෂණශීලිව අඛණ්ඩ ණය ප්‍රවාහ ආර්ථිකයට සපයනු ඇතැයි අපෙක්ෂා කරන බවද මහා බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

මත්කුඩු සැකකරුවන් ළඟ බන්ධනාගාරයේ ශීතකරණයක්

Mohamed Dilsad

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට

Mohamed Dilsad

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment