දේශීය

කොරෝනා වෛරසය වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 4 ක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් වෛරසය ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මධ්‍යස්ථාන කොවිඩ් 19කොළඹට ආසන්න ප්‍රදේශයක සහ දකුණු, මධ්‍යම හා වයඹ පළාත මුල් කර ගනිමින්  ස්ථාපිත කරන බවයි.

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳව සාකච්ඡා කිරීමට කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දු තීරණවලට එළඹ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මුඛ ආවරණ අවශ්‍යතාවක මතු වුවහොත් ඒවා පිටරටින් ආනයනය කිරීමටත් මුඛ ආවරණ මෙරට කඩිනමින් නිෂ්පාදනය කර තොග ගබඩා කොට තැබීමටත් කමිටුව තීරණය කළ බවයි.

Related posts

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

නුවරඑළියේ තවත් ග්‍රාම නිලධාරි වසමක් හුදෙකලා බවින් නිදහස් කරයි

Mohamed Dilsad

කොරෝනා මර්දනය කිරීම පිළිබදව සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment