දේශීය

ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීමට පොලිස් නිලධාරියෙකු පත්කරයි

(UTV | කොළඹ) – ග්‍රාම නිළධාරීන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණදෙන ගැටළු විසඳීමට වෙනමම පොලිස් නිලධාරියෙකු පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ , ග්‍රාම නිළධාරීන් , ආර්ථික සංවර්ධන නිළධාරීන් , ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධ සාකච්ඡාවක් අද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදීයි.

කොරෝනා වෛරසය පාලනය සඳහා ගෙනයන වැඩපිලිවෙල හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට සහන සැළසීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ඉදිරියට ගෙන යාමේදී ඇතිවන ගැටළු එහිදී සාකච්ඡාවට බඳුන් විය.

 

Related posts

අදානිගේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි.

Editor O

තවත් ආසාදිතයින් 286ක්

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය ලබන 7 වනදා

Mohamed Dilsad

Leave a Comment