ක්‍රීඩා

හොඳම කණ්ඩායම් හතර අතරට ලංකාව රැගෙන යාම අරමුණයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්වල හොඳම කණ්ඩායම් හතර අතරට රැගෙන යා යුතු බව ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන්කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ එවිට ලෝක ශුරයන් වීමේ කඩයිම පසුකිරීමේ පැහැදිලි මාවතක් ශ්‍රී ලංකාව හමුවේ නිර්මාණය වන බවයි.

නව පුහුණූකරු මිකි ආතර් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය මේ වන විටත් වර්ධනය කර ඇති බව ද ඔහුගේ නව සැලසුම් හේතුවෙන් සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇත.

 

Related posts

MCC ක්‍රිකට් සමාජ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් සභාපති ධුරයට

Mohamed Dilsad

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

Mohamed Dilsad

Leave a Comment