දේශීය

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

(UTV | කොළඹ ) – සමගි ජන බලවේගය විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 11, 13 හෝ 14 යන දිනයන් අතුරින් එක් දිනයක සලකා බැලීමත් සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ නීතීඥයන් විසින් මෝසමක් මගින් එම ඉල්ලීම කර ඇති බවට වාර්තා වේ.

මෙම කාරණය පදනම් කරගනිමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ.

මේ වනවිටත් ඉන් පළමුවෙන් පෙත්සමක් ගොණුකල නීතීඥ චරිත ගුණරත්නගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වනදා කැඳවීමට දින නියම වී ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පාර්ලිමේන්තු මහා මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

නෙදර්ලන්තයේ සිට විශේෂ ගුවන් යානයක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

ඒසී මහගෙදර ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන දිනයි…

Editor O

Leave a Comment