දේශීය

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

(UTV | කෝවිඩ්-19) – නව කොවිඩ් -19 වෛරසය රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එරට බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලූම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

මේ තත්වය හමුවේ අදාල ඇගලූම් කම්හලේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සේවයට වාර්තා කර නොමැති අතර ඔවුන් 44 දෙනාම සේවයෙන් ඉවත් කිරීමට ඇගලූම් කම්හලේ බලධාරීන් පියවර ගෙන තිබේ.

රුමේනියාවේ දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් ලාංකික සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කර ඇත.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්

Editor O

20 වන සංශෝධනයට අදාළ විවාදය ඔක්තෝම්බර් මස

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment