දේශීය

රුමේනියාවේ ලාංකිකයන් 7 කට කොරෝනා

(UTV | කෝවිඩ්-19) – නව කොවිඩ් -19 වෛරසය රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එරට බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලූම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

මේ තත්වය හමුවේ අදාල ඇගලූම් කම්හලේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සේවයට වාර්තා කර නොමැති අතර ඔවුන් 44 දෙනාම සේවයෙන් ඉවත් කිරීමට ඇගලූම් කම්හලේ බලධාරීන් පියවර ගෙන තිබේ.

රුමේනියාවේ දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් ලාංකික සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කර ඇත.

Related posts

දහම් පාසල් අධ්‍යන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් රක්ෂිත විසි දෙකක නාන තටාක සහිත හෝටල් ඉදිකරලා

Editor O

කොස්ගොඩ වෙඩි තැබීමක්

Editor O

Leave a Comment