දේශීය

වෙසක් සැමරුම් නිවසට පමණක් සීමා කරන්නැයි නිවේදනයක්

(UTV | කොළඹ) – අද (06) රාත්‍රියේදී මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් වෙසක් සැමරුම් තම නිවසට පමණක් සීමා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පොලිසීය පවසන්නේ වෙසක් සතිය තුළ මීට පෙර පවත්වනු ලැබු දන්සල් හා තොරන් වැනි වැඩසටහන් ද ඒ අනුව නවතා දමන බවයි.

බෞද්ධයන් ලෙස මෙම වෙසක් සතිය තුළ සෞඛය අංශ ලබා දුන් උපදෙස් පිළිපඳින ලෙසත් කොරෝනා ව්‍යාප්ත කරන සතියක් බවට මෙම වෙසක් සතිය පත් නොකිරීමට වගබලා ගන්නා ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

Related posts

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

Editor O

මහ මුහුදේදී හෙරොයින් සමග ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

Mohamed Dilsad

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment