දේශීය

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවල බස් 2,300 ක් ධාවනයට එක්කරයි

(UTV | කොවිඩ් 19) –  ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

ඇඳිරි නීතිය නැතත් දිස්ත්‍රික් අතර බස්රථ ධාවනය නොකල අතර ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පමණක් බස්රථ ධාවනය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

සියලුම බස්රථවල සිග් සැග් ක්‍රමයට මගීන්ට අසුන්ගන්නට සැලැස්වූ බව ද රාජකාරි සඳහා යන මගීන් වැඩි පිරිසක් බස්රථවල ගමන්ගත් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ආසන ගණනට මගීන් ගෙන යා හැකි ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම අද විභාගයට

Mohamed Dilsad

Leave a Comment