දේශීය

පන්දහසේ දීමනාව නිවසටම

(UTV | කොළඹ ) – කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව නිවාස වෙතම ගොස් ගෙවීමට තීරණය කර තිබේ.

අප්‍රේල් මස ඉහත දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනාව ගෙවීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක සඳහන් කරන ආකාරයට දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවන බවයි.

ගෙවීම් කටයුතු මැයි 11 වැනිදා ආරම්භ කර මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම්දීමක්

Editor O

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

Mohamed Dilsad

Leave a Comment