දේශීය

ජනපති අනුරපුර පුදබිම වැඳ පුදා ආශිර්වාද ලබාගනී [PHOTOS]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

මෙහිදී එතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රුවන්වැලි මහා සෑ රදුන් අබියස අද උදෑසන පැවති කිරි අහාර පූජාවට ද එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි ද නිරත වෙමින්  රටටත්, ජනතාවටත් සෙත් පැතිය.  සෑ රදුන් අබියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණ.

රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත විය.

ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී [PHOTOS]

Image may contain: 1 person, standing and food

Image may contain: one or more people, people sitting and people standing

Related posts

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්

Mohamed Dilsad

අද හඳුනාගත් ආසාදිතයන් අතර පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක්

Mohamed Dilsad

රටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකට

Mohamed Dilsad

Leave a Comment