විදෙස්

කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වූ ස්පාඤ්ඤය හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කරයි

(UTV| කොවිඩ් 19) – ස්පාඤ්ඤය රජය විසින් හෙට දිනයේ සිට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත. ඒ මේ දක්වා පනවා තිබූ ඇඳිරි නීති සීමා ඉවත් කිරීමත් සමගයි.

එරට අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්ෂේ ප්‍රකාශ කළේ මුව ආවරණ මිලියන 6 ක් රට පුරා ප්‍රවාහන මධ්‍යස්ථානවලදී බෙදා හැරීමට පියවර ගන්නා බවත් තවත් මිලියන 7 ක් ප්‍රාදේශීය වශයෙන් බෙදා හැරීමට ක්‍රියාකරන බවත්ය.

කොරෝනා වසංගතය හමුවේ යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රටක් ලෙසයි ස්පාඤ්ඤය සැලකෙන නමුත් , සති 7 කට පසු පළමු වරට එරට වැඩිහිටියන්ට නිවෙස්වලින් පිටතට යාමට ඊයේ දිනයේදී අවසර ලබා දී තිබුණි.

ඊයේ දිනයේදීත් එරටින් නව මරණ 276 ක් වාර්තා වූ අතර මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 25,100 ක්.

Related posts

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

Mohamed Dilsad

ඇමෙරිකාව 59 වන ජනාධිපතිවරණයට සුදානම්

Mohamed Dilsad

Leave a Comment