දේශීය

‍දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය හෙට ඉවතට

(UTV | කොළඹ ) – හෙට(04) අළුයම 05.00ට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉවත් කෙරෙයි.

එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මැයි 11 වනදා තෙක් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය අඛණ්ඩව සිදු කෙරේ.

Related posts

නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයිනට

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි කොළඹ මහනගර සභාවේ අයවැය පරාදයි

Editor O

හෙට සිට විදුලිය කැපෙන හැටි

Mohamed Dilsad

Leave a Comment