දේශීය

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුලතිව් ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

වයස අවුරුදු 80 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනාම මුලතිවු මුල්ලියාවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

කෙසේවෙතත් මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය වැළඳීමෙන්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නොමැති අතර ,ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණවලට යොමුකර තිබූ අතර ඒවායෙහි ප්‍රථිපල වාර්තා හෙට දිනයේදී ලැබීමට නියමිත ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

Related posts

බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යෑමේ වගකීම අත් හරින්නේ නැහැ – ජනාධිපති

Editor O

නම මස් වියැති කුඩා බිළිඳියට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට

Mohamed Dilsad

වෙඩික්කරුගේ වැරදුණු ඉලක්කය

Mohamed Dilsad

Leave a Comment