දේශීය

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවීමට එජාපයේ එකඟත්වය

(UTV| කොළඹ) – එළඹෙන සඳුදා (04) අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවිමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වන බව එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

මෙම රැස්වීමට තමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.

මේ අතර, මෙම රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තම සන්ධානය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා කර දැනුම් දෙන බව සමගි ජනබලවේගය සඳහන්කර සිටී.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කියා සිටියේ සාකච්ඡාවට සහභාගි වීම පිළිබඳව මෙතෙක් තම පක්ෂය තීරණයක් ගෙන නොමැති බවයි.

Related posts

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

Mohamed Dilsad

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

Mohamed Dilsad

යළිත් රට වහනවා ද නැද් ද? – තීරණය අද

Mohamed Dilsad

Leave a Comment