දේශීය

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවීමට එජාපයේ එකඟත්වය

(UTV| කොළඹ) – එළඹෙන සඳුදා (04) අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවිමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වන බව එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

මෙම රැස්වීමට තමා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් සහභාගි නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.

මේ අතර, මෙම රැස්වීමට සහභාගි වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තම සන්ධානය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා කර දැනුම් දෙන බව සමගි ජනබලවේගය සඳහන්කර සිටී.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කියා සිටියේ සාකච්ඡාවට සහභාගි වීම පිළිබඳව මෙතෙක් තම පක්ෂය තීරණයක් ගෙන නොමැති බවයි.

Related posts

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

Mohamed Dilsad

හරිනිගේ දැනුම්දීමෙන්, හයේ පොතේ සිද්ධියට, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තනතුරෙන් ඉවත්වෙයි.

Editor O

Leave a Comment