දේශීය

ඉන්දියාවේ සිට තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – විශේෂ ගුවන් යානයක් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1187 දරන එම ගුවන් යානය පෙරවරු 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන සිසුන් ප්‍රමාණය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ මේ වනතුරු දැනුවත් කර නොමැති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා කියා සිටියේය.

මෙම ගුවන් යානය පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

එය යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙනු ඇත.

සාර්ක් රටවල අතරමං වී සිටින සිසුන් යළි මෙරටට රැගෙන ඒමේ පළමු අදියර මෙම සිසුන් ද ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු නිමාවට පත්වේ.

Related posts

පහළොස්-හැවිරිදි දරුවෙකු කිඹුලෙක් ඩැහැගනියි

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment