දේශීය

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

(UTV | කොළඹ ) – කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 ක් දක්වා ඉහල ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ද ගිණුමට දායක වී සිටින බවයි.

ලංකා බැංකුවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැකියි.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරේ.

මේ පිළිබද වැඩි විස්තර 011 – 2354479 හෝ 011 – 2354354 යන දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකියි.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment