කලාවිදෙස්

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

(UTV | ඉන්දියාව) – ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් පිළිකාවක් හේතුවෙන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු මුමාබායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගිය බවයි.

ඔහු මියයන විට 54 වන වියෙහි පසුවූ අතර වසර දෙකක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන්ද පෙළුණි.

ස්ලම්ඩෝග් මිලියනර්, ජුරාසික් වර්ල්ඩ්, බිල්ලු බාබර්, පීකු සහ ලයිෆ් ඔෆ් පයී, Inferno, Blackmail ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයකි.

ඉන්දීය සිනමාවේ මෙන්ම හොලිවුඩ් සිනමාවේද සිය රංගන දක්ෂතා දක්වූ ඔහු, බටහිර සිනමාවේ ස්ථාවර ලකුණක් තැබූ පළමු ඉන්දීය නළුවන් අතරටද ඇතුලත්.

Related posts

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

Mohamed Dilsad

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

Leave a Comment