විදෙස්

ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ වාර්තාවෙයි

(UTV | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියාවෙන් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වී ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය පැතිරීමෙන් පසු සිදුවූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා සිට කොරෝනා ආසාදිත අවස්ථා 282ක් වාර්තා කර තිබුණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046 ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment