විදෙස්

නවසීලන්ත මහ මැතිවරණ මසකින් කල් යයි

(UTV | නවසීලන්තය) – කොරෝනා ව්‍යප්තිය නැවත වේගවත් වීම හමුවේ නවසීලන්ත මහ මැතිවරණ මාසයකින් පමණ කල් දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඔක්තෝම්බර් මස 17 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

දේශපාලන පක්ෂ සඳහා මැතිවරණ කටයුතුවලට සූදානම්වීමත්, මැතිවරණයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට කාලය ලබාදීමටත් හැකි වන පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස කල්දැමෙන බව නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් පැවසීය.

කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත් අතර , නමුත් දින 102 කට පසුව නවසීලන්තයෙන් යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා විය.

Related posts

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

Mohamed Dilsad

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment