විදෙස්

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොක් මැක්කෙයර් අත්අඩංගුවට ගෙන තිබේ

විදෙස් වාර්තා සඳහන් කළේ ටෙහෙරාන් නුවර පැවති මහජන විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් ඔහු පැය 3 කට අධික කාලයක් රඳවාගෙන සිටි බවයි.

විරෝධතාව පැවැත්වුණේ පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරාන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරාන රජය සත්‍යය වසන් කිරීමට එරෙහිවයි.

කෙසේවෙතත් නිසි කරුණු දැක්වීමකින් තොරව තම තානාපතිවරයා ඉරාන රජය විසින් අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනි කරුණක් බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

Related posts

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment