දේශීය

මෙරට කොවිඩ් – 19 නිල වෙබ් අඩවිය එළිදකී

(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 අදාළ තොරතුරු මහ ජනතාවට ලබාදීම සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk. නමින් හඳුන්වා තිබේ.

කොවිඩ් -19 හේතුවෙන් රට තුළ ඇතිවූ නව තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙය නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු විශ්වාසදායක මූලාශ්‍රයන් හරහා මහජනතාවට ලබා දී මෙහි අරමුණ වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩසටහනේ නියැලී සිටින ප්‍රධාන ආයතන හා සංවිධාන වේ.

මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසින්.

තවද, එම වෙබ් ද්වාරය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍රවාහන, විදේශි සේවා , අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුභසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරු ද එහි අඩංගු වේ.

Related posts

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

Editor O

මාලිමා මන්ත්‍රීලගේ වැටුප පක්ෂ අරමුදල ට බැරවීම පිළිබඳ අධිකරණයට යනවා – නීතීඥ ශිරාල් ලක්තිලක

Editor O

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment