දේශීය

කොරෝනා ආසාදිත වූ නාවික සෙබලුන්ගේ පවුල් සාමාජිකයනුත් නිරෝධායනයට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් මිහින්තලය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට පෙර පවුලේ සාමාජිකයන් 58 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අතර අද දිනයේ ද තවත් පිරිසක් ඊට යොමුකළ බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 3,181 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Related posts

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අද සිට වැසි අඩුවන ලකුණු – නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

Mohamed Dilsad

Leave a Comment