දේශීය

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නේ නැහැ

(UTV | කෝවිඩ් -19) – කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

නමුත් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව ඒ මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා අතර එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවයි.

Related posts

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ඉන්දන පිරවුම්හල් හිමියෝ අර්බුධයක…?

Editor O

IMF පළමු වාරිකය හිමිවූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment